මූණු පොතෙන් අළුත්ම දෑ fb Activities New

****************************
බිබිලෙ බිබික්කන් 
දොංත බබක්කට 
රෑක ගියානන් 
කංඩ හැකිනෙ බොට 
****************************
අපි බිව්වේ කිරි 
අම්මගෙ තනයෙන් 
ඒකයි මේහැටි 
වනන්නෙ හෙළුවෙන් 
වැනුවට හෙළුවෙන් 
නටන්නෙ ඇදුමෙන්
ඇන්ද නොඇන්දත්
නිදන්නෙ තනියෙන් 

පිරුවටේ 
ඇග වටේ 
රට වටේ 
කපටිකම් 
****************************
හීල් දානේ 
වැරදුනෝතින් 
දවල් දානෙත් 
මෝය කටටයි
****************************
බුදුන් පුදන 
දෝතින්මයි 
පොල් ගහන්නෙ 
පැලිල යන්න
****************************
කියුබාවට 
හෙන ගැහුවද 
පිදෙල් කැස්ත්‍රො 
මළයි කියල
****************************
රුපියල් ශත 
අලුක්කාල් 
රිංගනවා 
පැතලි කටෙන් 
හීංසැරේ 
උජාරුවට
කාසි කැටේ 
වදනකම්ම

****************************
කිරි දෙව්වට
කිරි බොන්නට
කිරි කළයට
ගොම වැටිලා 
****************************
ඇස් ගහමුද
ඇස් කොණකින්
ඇස් වැහෙන්න
ලොවට හොරෙන්
**************************** 
සරම ඇන්දා 
ගැටේ ගහලා 
ගැටේ ඇදලා 
සරම ලෙහුවා
****************************
ඇදුම 
අවාසනාවන්තම 
නයිටිය 
මගුල් දා රෑ
****************************
බීල විසිකල 
කොටේ සිකරැට් 
වගෙයි වාහෙගෙ 
ආදරේ
****************************
කිමද
ම් ම් ම්
බහ
පස්සෙ 
කමු
ආනේ
දනක්නේ
රහසින්
යං
****************************
දහදුරා 
වදන් වැල් 
වැදගත්ම 
රාත්‍රියෙ
****************************
මල් කඩන 
මල් 
මල් මල් ය 
හැමකල්
****************************
පෙට්ටියේ 
සුවද 
කූරේ 
නැති 
.
.
.
.
.
.
හදුන්කූරු පෙට්ටි

****************************
වික්ක 
කල 
කක්ක 
විල 
මොර දෙති 
ඉ ල්ලා පුසුබම

****************************
දාන 
බණ 
බාන 
දන
****************************
කැහිපිත්තන්
වැටේ
පිහිකැත්තන්
කුස්සියේ

****************************
දාං පෙතේ 
කළු ඉත්තෝ 
සුදු ඉත්තොත් 
එක්ක යාළු 
එහෙට කපති 
මෙහෙට කපති
අන්තිමේදි
ඉබේ කැපෙති

****************************
පිල
උස්කොට
පැල
පහලට

****************************
සුන්දර 
හිත 
ගින්දර 
නැති
****************************
සිල් මොකටද 
විසිල් ගැහුවෙ 
ළිං කට උඩ 
මනාපයේ
****************************
කිස් කිස් ගාල
කිස් දුන්නනන්
ටිටි ටිට් ගාල
ටිට් බලතෑකි
***
ටිට් කියන්නෙ මොනවද කියල අහන්නෙ,
අනේ දන්නෙම නැති තොත්ත බබ්බු
*
****************************
ආදි උළමෝ 
නිසි කබල් වෙත 
මෑත උළමෝ 
කසිකබල් වෙත
****************************
කට්ට කරුවලේ 
පට්ට හීතලේ 
ආතල් එක 
අත්විදිතෑකි 
මේ දවස්වල 
නොමිලේම

****************************
ආසයි ඉබින්න 
හීනියට තුනීයට 
වැස්සට තෙත් උන 
ගවුමෙන් මතු වෙන 
උල් උල් 
උල්ම 
තන පුඩු

****************************
මස් රසැති 
මගුල් බුදිති 
නිර්මාංශ 
මස්පෙරේතයෝ 
තොපිට නිවන් 
අපිට හුළං

****************************
අප්පා . . . . හ් 
මේකෙ තද 

මේක 
ඊටත් තදයි යකෝ 
හප්පා . . . . හ් . . හ්
?
?
?
සපත්තු කුට්ටම

****************************
ඔයා ඉන්න 
මාත් එක්ක 
මන් ඉන්නම් 
එයත් එක්ක
****************************
කර අබමි
කිදුරා
කිදුරිය
දිනවන්න
දිනූ
කිදුරියන්
බොහෝවිට
නන්නත්තාරය
****************************
පින්සල් 
පිං සල් 
පන්සල් 
පව් ගුහා
****************************
ඇහැ යන ඉසව්ව 
නැවතුන ඉසව්ව 
ඇගෙ ළැම 
දග යුග
****************************
වැළද ගනී 
ගැහැණියෙක් 
පිරිමියෙක් 
පරස්පර විරෝධීව 
එකග නොවෙන 
එකග වෙන
පිරිමියෙකු
ගැහැණියෙකු

****************************
ලීය දර 
දරලීය 
දර කර 
කරදර
****************************
කකා
කකා කකා
නොකා කකා
මැරෙන්නෙපා
මට්ට කුණ්ඩලී

****************************
ගෙයි තිබ්බ 
දිය ලබ්බ 
දිය තිබ්බ 
ගෙයි ලබ්බ
****************************
කොල්ලො 
හදාගෙනත් බෑ 
හදාගත්තට පස්සෙ 
නැතුවත් බෑ, 
එහෙම නේද 
අම්මේ!

****************************
එනවද දවසක
යන්නට හවසක
මාගම් පුර පැත්තේ
කාවන්තිස්සල
තාම එහේ ඇති 
කැළණිතිස්ස දෙනකන්
විහාර මහ දේවී
බෝට්ටුවක නංගා
දළ රළ අතරින්
ගොළු මුහුදේ එවලා
***
ඕනෑම ආකාරයක කමෙන්ට්වලට ඉඩ ඇත!
***

****************************
අහිංසකාවිය
ඔබ අහිංසකාවිය
නූපුර හදුනන
නූපුර නොදකින
අහිංසකාවිය 
නූපුර නොවිදින
අහිංසකාවිය
නූපුර හදුනන
එනමුදු නොවිදින
නිම් නැති ආශා
නිම් නැති ආශා සහස් දහස් මැද
නිමි වූ ආශා අතලොස්සක් විය
ඒකයි සත්‍යය
එයයි යථාර්තය
ඒකයි සත්‍යය
අත්විද අත්හැරි ඉමිහිරි සුමිහිර
අහිංසකාවිය
ඔබ අහිංසකාවිය
නූපුර හදුනන
නූපුර නොදකින
අහිංසකාවිය
නූපුර නොවිදින
අහිංසකාවිය
නූපුර හදුනන
එනමුදු නොවිදින
*

****************************
සිරිපිනා නුබ
සැතපෙනා දොර
නැනෙ තාමත්
වැහෙන්නේ
වැහුනෙ නැත්තන් 
වැදෙයි හිරිකඩ
සුළං කෝඩෙට ඉගිලෙනා
ඉ රිසියාවක් නොවෙයි පෑවේ
සිරිපිනා කෙලි පැංචියේ
මෙරුත් ඉගිලී තරුත් වැහුනා
පින්නෙ හීතල අඩු නැතේ
සිරිපිනා නුබ
සැතපෙනා දොර
නැනෙ තාමත්
වැහෙන්නේ
වැහුනෙ නැත්තන්
වැදෙයි හිරිකඩ
සුළං කෝඩෙට ඉගිලෙනා
****************************
ගල් අස්සේ මලක් වෙන්න
උනාද කිසි පොරොන්දුවක්
කාට හරී
කවද හරී
කොහෙදි හරී 
උනාද කිසි පොරොන්දුවක්
එදා මතක
එදා මතක අද මතකද
අදත් මතක ඒ මතකය
සදා හදේ ලැගුම් ගනී
සදා හදේ ලැගුම් ගනී
හිත නිදි නැති රාත්‍රියේ
ගල් අස්සේ මලක් වෙන්න
උනාද කිසි පොරොන්දුවක්
කාට හරී
කවද හරී
කොහෙදි හරී
උනාද කිසි පොරොන්දුවක්
පැතුම් පිරී
පැතුම් පිරී හිතක් පුරා
නුරා හැගුම් ජනිත කලා
ආල හිතේ ලැගුම් සොයයි
ආල හිතේ ලැගුම් සොයයි
හිත නිදියන රාත්‍රියේ
ගල් අස්සේ මලක් වෙන්න
උනාද කිසි පොරොන්දුවක්
කාට හරී
කවද හරී
කොහෙදි හරී
උනාද කිසි පොරොන්දුවක්
****************************

රොටී එපා
නොවී හොදට
බේක්

****************************
දෙන්නන්කො
දෙන්නන්කො
දෙන්නන්කො
ඇට්ටි හැලෙන්නම
පෙට්ටි 
පෙට්ටි
පෙට්ටි
(එක්කො මේ පේළිය නොලිය ඉම්මු අනේ, හාද,.... බෑද)

****************************
ඇහැ රවන්නෙ 
ඇහැරවන්න 
ඇහරුනාම 
ඇහැ වැහුනා 
මල් හතයිනෙ 
වැහිච්ච ඇහැ

****************************
අබේ කන්නෙ 
උඩින් ඉදන් 
හපේ දාල 
පාත බිමට 
බිමත් නෙමේ 
ඊටත් යට

****************************
කසීසළුද මගෙ නොවේ
මමත් මගෙ නොවී
ගෙවී යන රැයේ
කවුරුදෝ කවුරුදෝ
හොරෙන් ගෙනගියේ
හැංගි හැංගි ඉන්නනන්
එන්නෙපා යළී
ඉන්න ඉන්න මා ළගින්ම
මතකයේ වෙළී
නෑ අහන්නෙ ආයෙමත්
නෑ කියන්නෙ ආයෙමත්
ආදරෙද කියා
සිහිනයකි ඔයා
කසීසළුද ඔබෙ නොවේ
ඔබත් මගෙ නොවී
ගෙවී ගිය රැයේ
ඇයි එසේ ඇයි එසේ
හොරෙන් පැනගියේ

***
දවල් වෙලා
ඇහැරුනේ
නිදිමතේම
ලියැවුනේ,
ඒකත් හීනයක්මැයි
හැබැහින්ම දුටු!
*
****************************
හිමි නොවන බවක්
නැහැ දැනුනෙ එදා
හිමි නොවන ලෙසක්
නැහැ පෙනුනෙ එදා
ඉගි මරන ඇහින් 
කී රහස් කතා
මට බරක් කියා
හිතුවාද එදා
සිසිකිරණ ගෙනා
මධුසදට හොරා
අපි අපිම උනා
බර හිතේ තියා
ගන අදුර ඇවිත්
සද වහං උනා
යළි එන්න කළින්
ඔබ යන්න ගිහින්
හිමි නොවන බවක්
නැහැ දැනුනෙ එදා
හිමි නොවන ලෙසක්
නැහැ පෙනුනෙ එදා
ඉගි මරන ඇහින්
කී රහස් කතා
මට බරක් කියා
හිතුවාද එදා
හිමවතේ පිපී
හිමවතෙම හැලී
රොන මිලින මලේ
දුක කවුරු දනී
සුසුමකින් එහා
සැනසුමක් ඇතී
සෙනෙහසක් ලොවේ
කිසි තැනක නැතී
හිමි නොවන බවක්
නැහැ දැනුනෙ එදා
හිමි නොවන ලෙසක්
නැහැ පෙනුනෙ එදා
ඉගි මරන ඇහින්
කී රහස් කතා
මට බරක් කියා
හිතුවාද එදා
****************************

ඉස්සර වාගේ
මුරණ්ඩු නෑ දැන්
පොඩි ළමයක් වාගේ

****************************
කසී සළු ඔතා 
දිළිසී දිළිසී 
චායා මවා 
පා සිනා 
කදුලු හොල්ලලා 
ඇහැට ඇහැ තියා
ගයයි ගීතිකා
යදියි යාතිකා

****************************
සද මෝරා
නිශාන්තයේ
පායලා
ගංතෙරේ
ආදරේ කියන්නේ 
සදටමයි
සදටමයි ආදරේ
දුර ඈත නුබ කුසේ
ක්ෂීරපත මායිමේ
සේද කෙදි පීරලා
මෝදුවෙන්නෙත් හොරෙන්
සද මෝරා
නිශාන්තයේ
පායලා
ගංතෙරේ
ආදරේ කියන්නේ
සදටමයි
සදටමයි ආදරේ
****************************
ඉත්ත මලිත්තෝ තුන්හිත හෙමින් බලාවී
පුංචි හොටෙන් ටොකු ඇන ඇන
හොදට බලාවී
ඉත්ත මලිත්තෝ
ඉත්ත මලිත්තෝ
උබට නොවෙයි උබෙ රුවටයි ගීත ගැයෙන්නේ
ඒව ඇහෙන එක නාකද ඇයි නොකියන්නේ
ඉත්ත මලිත්තෝ
ඉත්ත මලිත්තෝ
උබ උඩගුයි උබ උඩගුයි
ඇයි නොකියන්නේ
ඉත්ත මලිත්තෝ තුන්හිත හෙමින් බලාවී
පුංචි හොටෙන් ටොකු ඇන ඇන
හොදට බලාවී
ඉත්ත මලිත්තෝ
ඉත්ත මලිත්තෝ
උබට නොවෙයි උබෙ හඩටයි මල් පූදින්නේ
එහෙම පිපෙන එක නාකද
ඇයි ඔරවන්නේ
ඉත්ත මලිත්තෝ
ඉත්ත මලිත්තෝ
උබ හුරතල් උබ හුරතල්
දැන් හිනැහෙන්නේ
ඉත්ත මලිත්තෝ තුන්හිත හෙමින් බලාවී
පුංචි හොටෙන් ටොකු ඇන ඇන
හොදට බලාවී
ඉත්ත මලිත්තෝ
ඉත්ත මලිත්තෝ
****************************
තාම දොරගුලු හැර නිබේ
තාම දොරගුලු හැර තිබේ
අසපුවේ මේ අසපුවේ
ඔබේ සෙනෙහේ නිති පැතූ
අසපුවේ දොර හැර තිබේ
රැහැයියන් නැති කෙම්බිමක් දෝ
එදා හෙව්වේ එක හිතින්
සාගරේ මදි ඇඩූ හින්දා
ආදරේ බැදි සෙනෙහසින්
තාම දොරගුලු හැර නිබේ
තාම දොරගුලු හැර තිබේ
අසපුවේ මේ අසපුවේ
ඔබේ සෙනෙහේ නිති පැතූ
අසපුවේ දොර හැර තිබේ
****************************
උමා ඔය හැංගුනා
මිහිලියගෙ
දෙපරහැන්ද අස්සෙ
ඈතක් යන්ඩ,
ඔහෙ ගියදෙන්
**************************** 
කොච්චි කොටන්නන් නැන්දේ කොච්චි කොටන්නන්
පූජාවට කොච්චි කොටන්නන්
මංගල මේසේ
හදල ඉවරනන්
ඒක උඩත් කොච්චි තියන්නන්
වංගෙඩියයි මෝල්ගහයි කොච්චි කොටනවා
කොච්චි මිරිස් නිකන් තැලෙනවා
මෝල්ගගයි වංගෙඩියයි නිකන් කොටපු දා
මිරිස් කොච්චි හුරේ දානවා
කොච්චි කොටන්නන් නැන්දේ කොච්චි කොටන්නන්
පාන්දරට කොච්චි කොටන්නන්
මංගල මේසේ
පැත්ත වැටිලනන්
මේසෙ යටින් කොච්චි තියන්නන්

****************************


****************************
සුලලිත ඇල්ල කොමළියේ
හැලෙනා මීදුම් යායේ
හැළෙනා ලෙලෙනා
හීතල මීදුම් යායේ
ඉහල අහස ඈත නිල්ල පෙනෙනා තෙක් කදුරැල්ලේ
රගන රැගුම මීදුම මැද ඇල්ලේ දියරැල්ලේ
ආසයි පින්නෙ තෙමෙන්න
හීතල හුළගෙ පෙගෙන්න
සුලලිත ඇල්ල කොමළියේ
හැලෙනා මීදුම් යායේ
හැළෙනා ලෙලෙනා
හීතල මීදුම් යායේ
ඇල්ල කොමළි මීදුම් සේල ලිහනවා
දිය රැළි නෙක නෙක රටා මවනවා
හීතල වැදීයන් හිරුගඩු පිපීයන්
මීදුම් සේල ඔතාපන්
සුලලිත ඇල්ල කොමළියේ
හැලෙනා මීදුම් යායේ
හැළෙනා ලෙලෙනා
හීතල මීදුම් යායේ
****************************
කින්ද මන්ද නොදන්න අහසක 
පරක් තෙරක් නොපෙනෙන අහසක 
ඔබ පෙනෙනා දුර මා ඇවිදින් 
මට පෙනෙනා දුර ඔබ ඇවිදින් 
ඉන්නේ ඇයි හැංගී රහසේ 
හැංගිහොරා හැංගිමුත්තමේ

****************************
ලෙටස් 
ගාල 
පටස් 
ගෝ
****************************
අතැර ගිය
වීණාව
එතර කල
ආත්මය
පරණ
කඩේ
දයිවය
****************************
ආඩපාලි
ෆැක්ටරියක්
එෆ් බී එක
දැන්

****************************
හීනයක් වගේ ඇවිදින්
හීනෙකට හොරෙන්
ඊයෙ රෑත් මට හිනා උනා
අදත් එනවනන් හීනයක් අරන්
හීනෙ එක්ක මාත් රවනවා
මාත් රවනවා රැව්වට හිනාවෙන්නෙ නෑ
හිනාවෙන්න හිනාවෙන්න කියල කියනවා
හිනා උනෝතින්
හිනා උනෝතින්
හිනා උනෝතින් හෙමිහිට රහස් කියනවා
රහස් කියල රහස් කියල හිනා මරනවා
හීනයක් වගේ ඇවිදින්
හීනෙකට හොරෙන්
ඊයෙ රෑත් මට හිනා උනා
අදත් එනවනන් හීනයක් අරන්
හීනෙ එක්ක මාත් ඉන්නවා
****************************
අහල 
ගම්මුද 
ගහල 
ගම්මුද
****************************
කූණිස්සෝ 
තෙලේ නටති 
දියකාවෝ 
දියේ නටති
****************************
සිකුරාදා වෙන්න එපා සදුද උදෑසන
දවස කෙටියි ජීවිත ගමනේ
සසර දිගයි අප යන ගමනේ
විරිත්තලා කොණිත්තලා කාලෙ මරනවද 
හිනාවෙලා අළුත්වෙලා හෙටක් හදනවද
දවස කෙටියි
සසර දිගයි
දවස කෙටියි සසර දිගයි
හීන නිවාපන්
සිකුරාදා වෙන්න එපා සදුද උදෑසන
දවස කෙටියි ජීවිත ගමනේ
සසර දිගයි අප යන ගමනේ
දවස කෙටියි
සසර දිගයි
දවස කෙටියි සසර දිගයි
හීන නිවාපන්
****************************
නිහඩතාවය ඔබට හිමිනම් මටත් හිමිවේවා
මටත් හිමිවේවා ඔබට මෙන් මටත් හිමිවේවා
ඔබට මෙන් මට නෑසියන් නැත
හිටිය උන් අද කොයිබ කොහිවෙද 
අදුර රජයන පාළු මාවත
පමණකිය අද මගෙ ඉ රණම
සරදමක් නොවෙදෝ ඔබේ සිත සරදමක් නොවෙදෝ
නිහඩතාවය ඔබට හිමිනම් මටත් හිමිවේවා
මටත් හිමිවේවා ඔබට මෙන් මටත් හිමිවේවා
කාංසිය මහමෙරක් වී ඇත
හඩන පොඩි පුතු දෙපා අබියස
සාර නූකුණු කයක් වූ මට
පුතුගෙ උණුසුම පමණකිය අද
සිහිනයක් වේවා සෙනෙහස ගීතයක් වේවා
නිහඩතාවය ඔබට හිමිනම් මටත් හිමිවේවා
මටත් හිමිවේවා ඔබට මෙන් මටත් හිමිවේවා
****************************
අළුත් හීන 
පරණ වෙලා 
පරණ හීන 
පරණ හීන 
පරණ හීන 
. . . . . .
ඒවත්
පරණ වෙලා
අළුතෙන්
පරණ වෙලා

****************************
රන් රස සේමා එකිනෙක ඈදූ
පුන්සද වූවා පෙරබර පෑයූ
පින්සර සේයා ඔටුනු පැළැන්දූ
මල්මද බිසවද සිහිනෙක රැන්දු
***
මං මටම කියාගත්තෙ වැස්සෙ හීතලට, ඈ . . . හාද . . . . නෑද . . . . බැද !
* *
****************************
ලියාගන්න බැරි තරමට දිගයි ආදරේ
කියාගන්න බැරි තරමට දිගයි ආදරේ
හිතාආගන්න බැරි තරමට දිගයි ආදරේ
කියාගන්න ලියාගන්න හිතාගන්න
බැරි තරමට කෙටියි ආදරේ

****************************
****************************
හිත අළුත් වෙලා
ඔයාගෙ හිත අළුත් වෙලා
මම ආසයි එහෙම හිතකට
මම කැමතියි එහෙම හිතකට
කැමතියිනේ ඔයත් ඒකට 
කැමති නැද්ද අනේ ඒකට
පෙරුම පුරා මේ සංසාරේ
එකතු කරන අත්හරිනා
දේවල් බෝමයි
ඔයත් එහෙමද
මාත් එහෙමද
අන්තිමේදි අපිත් එහෙමද
හිත අළුත් වෙලා
ඔයාගෙ හිත අළුත් වෙලා
මම ආසයි එහෙම හිතකට
මම කැමතියි එහෙම හිතකට
කැමතියිනේ ඔයත් ඒකට
කැමති නැද්ද අනේ ඒකට
සිහිනයක් උනා
සිහිනය ගීතයක් උනා
සිහිනයක්ම ගීතයක්ම
ජීවිතේ උනා
සිහිනයේම ගීතයේම ජිවිතේම අපිව තනිවෙලා
හා නැද්ද කියන්න
බොරු නෙමෙයි නේද
හා නැද්ද කියන්න
හිත අළුත් වෙලා
ඔයාගෙ හිත අළුත් වෙලා
මම ආසයි එහෙම හිතකට
මම කැමතියි එහෙම හිතකට
කැමතියිනේ ඔයත් ඒකට
කැමති නැද්ද අනේ ඒකට

****************************
කුසුමාවතියේ
කුසුමක් නොවුන ජීවිතේ
තුන්තුස්පෑ ගෙවෙන මාවතේ
යාල්දේවි කෝච්චි පාරේ 
කොට්ට කෙලෙංගුයි විකුනන්නේ
රටගම හැරදා මව්පියො හැරදා
තල් අරණට එළියක් දෙන්නේ
කුසුමාවතියේ
කුසුමක් නොවුන ජීවිතේ
තුන්තුස්පෑ ගෙවෙන මාවතේ
නාගසලම් සිලම්බු සද්දේ
ඇය කැන්දයි දහසක් මැද්දේ
හිස කූඩය බිමින් තියා
සිනා සපිරි දෑස් අයා
කොට්ට කෙලෙංගුයි විකුනන්නේ
කුසුමාවතියේ
කුසුමක් නොවුන ජීවිතේ
තුන්තුස්පෑ ගෙවෙන මාවතේ
****************************
නොයා ඉන්නද කොයි ලෙසින්
ජීවිතේ රස තැන් සොයා
සැනසුමේ උණුසුම සොයා
සැනසුමේ උණුසුම සොයා
එදා වාගෙම අදත් හැගෙනා
සදාකාලික සුවේ සොයනා
සදාකාලික නොවූ ලොකේ
ප්‍රේමයේ රහසත් එයයි
ජීවිතේ සුවදත් එයයි
නොයා ඉන්නද කොයි ලෙසින්
ජීවිතේ රස තැන් සොයා
සැනසුමේ උණුසුම සොයා
සැනසුමේ උණුසුම සොයා
(********************
********************
********************
********************)
නොයා ඉන්නද කොයි ලෙසින්
ජීවිතේ රස තැන් සොයා
උණුසුමේ සැනසුම සොයා
උණුසුමේ සැනසුම සොයා
****************************
පියාපත් සලන්නැති 
පියාපත් හිමිකාරි 
පියාපත් හකුළුවා 
පියාපත් රවටාවි
****************************
හිමි නැති 
හිමි ළග 
හිමිවෙද 
හිමිකම
****************************
මටසිලිටි කලව මත
මල් රේණු අතුරලා
එකින් එක ඇහිලුවා
හදපාන ඇති රැයක
බඩතුරේ සගව උන්
කෙහෙරැල්ල ගැස්සුනා
ඇවිස්සෙන කෙනිත්තෙන
සුසුම් වැල් මිමිණුනා
****************************
පිංගුත්තර 
බඩගැත්තර 
එකට යන්නෙ 
අපිත් එක්ක 
අනේ සාදු 
අනේ සාදු

****************************
මේව ඔටෝ 
අරව නිකන් 
අරව ඔටෝ 
මේව නිකන් 
දෙකම ඔටෝ 
දෙකම නිකන්

****************************
මල් සෙට් වෙලා 
රෙදි මැහුවා 
මනාලිට 
රෙදි සෙට් වෙලා 
මල් ඇන්දා 
මනාලිට
මලුයි රෙදියි
ගිනි පිම්බත්
මනාලිට
අම්මගෙ හිතේ
දුක දැනුනා
මනාලිට

****************************
ගත්ත ඇදල 
ගැහුව දමල 
පිපුන මලක් 
පර උන මල 
එකක් පරණ 
කෙරුව අළුත්

****************************
සිකුරු ලියන් මැද අකුරු කරන සද
නුහුරු හිතේ ඇදෙනා
මහරු අනගි වත නොවෙද ඔබේ වත
ගෙදර බුදුන් අම්මා
ගෙදර බුදුන් අම්මා
සාර සදිසි පෙති පේර නෙළුවෙ නැති
අතීතයකි අම්මා
මෙතේ බුදුන් ළග හිතේ පිරෙන පින
සුවද මලකි අම්මා
සිකුරු ලියන් මැද අකුරු කරන සද
නුහුරු හිතේ ඇදෙනා
මහරු අනගි වත නොවෙද ඔබේ වත
ගෙදර බුදුන් අම්මා
ගෙදර බුදුන් අම්මා
කවුරුත් නැති කාටත් නැති
මේ සංසාරේ
මහෝගයකි නිමා නොවෙන
ආදර අම්මා
නිමා නොවෙන මහෝගයකි
ආදර අම්මා
කවුරුත් නැති කාටත් නැති
මේ සංසාරේ
සිකුරු ලියන් මැද අකුරු කරන සද
නුහුරු හිතේ ඇදෙනා
මහරු අනගි වත නොවෙද ඔබේ වත
ගෙදර බුදුන් අම්මා
ගෙදර බුදුන් අම්මා
****************************

දෙයියා
දෙයියො දනී
මන් නොදනී
කිව්වලු දෙයියා

****************************
සගවලා 
තිසර තන 
පහුකලා 
පනස් තුන 
පෙන්නලා 
කැකුළු තන
මිරිකුණා 
මුදු දෙතන

****************************
පනිට්ටුව 
පත්තුකර 
සුරුට්ටුව 
බිමතිව්ව
****************************
මංදාරම නුබට හුරුයි
මට නුහුරුයි තාම දුවේ
බිතක්කනේ ඉන්න එපා
වැස්ස ළගයි උබව තෙමෙයි
කොස්ස අරන් ඇමදුවාට
කෙස්ස කඩන් පනින්නෙපා
රිස්ස තිබ්බ කියල හිතන්
පස්ස වනල දුවන්නෙපා
මාල බැදල තෝඩු දාල
උබ දෙන්නේ රනේ රුවට
කාල බීල ළමයි හදල
වාහෙ එක්ක ඉදින් හොදට

****************************
අග්ගලා කමු රහට හදලා
අනේ නංගෝ හදමුකෝ
වැස්සෙ හීගතු ගතේ දැවටේ
අනේ නංගෝ හදමුකෝ
උබේ උඩගුව මාව නටවයි
හදන්නට බැරිනන් කියාපන්
පස්ස නොබලා වැස්සෙ දුවලා
අරහෙ එකියක් ගෙනත් කනවා
පාතදුම්බර අග්ගලා ගුලි
මෙගෙ එව්වා තරන් රහ නෑ
ඒක හින්දයි බොගෙන් ඉ ල්ලුවෙ
දෙන්ඩ බැරිනන් කාරි නෑ

****************************
කල්පයක් ගෙවී ගොස් 
කල්පයක් ඇවිල්ලා 
ඒත් තව එතනමයි 
මේ පංසල් ආඩපාලි
****************************
රෑන් පිටින් කුරුල්ලෝ
රෑන් පිටින් කුරුල්ලෝ
වී අහුරට ඔට්ටු වෙලා
වී අහුරට ඔට්ටු වෙලා
රෑන් පිටින් කුරුල්ලෝ 
රෑන් පිටින් කුරුල්ලෝ
එහෙ කිචිබිචි මෙහෙ කිචිබිචි
ඉහට උඩින් ටනන නනන
ඉහට යටින් ටනන නනන
රෑන් පිටින් කුරුල්ලෝ
යාවි පාවි ඇද්දි පැද්දි
රෑන් පිටින් කුරුල්ලෝ
අගර දගර නෙක විසිතුරු
පාට පාට කුරුල්ලෝ
කෙකර නොගා බිත්තර ලන
පිංචි පැංචි කුරුල්ලෝ
යාවි පාවි ඇද්දි පැද්දි
රෑන් පිටින් කුරුල්ලෝ
****************************
ආරුගම්බේ මූදු තීරේ
ඔබත් හිටියානම්
මමත් හිටියානම්
එදා වාගෙම ඉ රත් පායයි
හදත් පායයි නම් 
අපිට අපිමයි අපිට අපිමයි
නෑ වෙනස්කම් නම්
නෑ වෙනස්කම් නම්
එකම ඉ ර යට එකම හද යට පෑව ලෙංගතුකම්
ඔබේ සිතුවිලි මගේ සිතුවිලි
එකම පැලකට නම්
පැලේ පිල මත සිනාසෙන දා හදේ ඇදි සිත්තම්
මගේ දෝතින් ඔබේ ගෙල මත හෙමින් පලදන්නම්

****************************

යටිතල පහසුකම්
නොදන්නෙ ඇයි
මයෙ රත්තරනේ
යටිතල පහසුකම්
යටිතල පහසුකම් 
නොදන්නෙ ඇයි
මයෙ රත්තරනේ
මිදුලෙ මලක් නැ
පෙනුමට ගහක් කොලක් නෑ
හොද්ද බෙදෙන්නෑ
රස්නෙට බතද බෙදෙන්නෑ
යටිතල පහසුකම්
යටිතල පහසුකම්
නොදන්නෙ ඇයි
මයෙ රත්තරනේ
යටිතල පහසුකම්
නොදන්නෙ ඇයි
මයෙ රත්තරනේ
යටිතල පහසුකම්
යටිතල පහසුකම්
නොදන්නෙ ඇයි
මයෙ රත්තරනේ
වගේ වගක් නෑ
කිව්වට ඇහුන වගක් නෑ
පැදුර එලන්නෑ
එලුවත් පාන නිමෙන්නෑ
යටිතල පහසුකම්
යටිතල පහසුකම්
නොදන්නෙ ඇයි
මයෙ රත්තරනේ
යටිතල පහසුකම්
නොදන්නෙ ඇයි
මයෙ රත්තරනේ
යටිතල පහසුකම්
යටිතල පහසුකම්
නොදන්නෙ ඇයි
මයෙ රත්තරනේ
****************************
කාංචනා ඔය හැට්ටෙත්
ව්සිකරපන් ලිබ්බොක්කට
පාන නිමෙයි වැහිකෝඩෙට
ගිනිපෙට්ටිය අතට ගනින්
ඔය හැට්ටෙත් කාංචනා
ලිබ්බොක්කට ව්සිකරපන්
වැහිකෝඩෙට පාන නිමෙයි
අතට ගනින් ගිනිපෙට්ටිය

****************************
කුණුකුණු ගාන 
බුණුමුණු හීන 
බොරු ගොතයි 
හීතලට
****************************
කහංඩ කහංඩ 
රිදෙනව වැඩියිලු 
රිදෙංඩ රිදෙංඩ 
කැහෙනව වැඩියිලු 
කහනව රිදෙනව 
කහනව රිදෙනව
යනකං එනකං
එනකං යනකං

****************************
හැලෙනා දිය ඇලි
වහිනා මහ වැහි
ආදරයෙන් සිප
වැළද ගනී
දැනෙනා දොළදුක 
විළිලන ඇලදොල
සොබා දහමෙ
රුචි අරුචි දනී
අහසට පොළවට
දෙස්දෙන මනුකැළ
සොබා දහමෙ
සිරි අසිරි මකයි
ඒකයි මේ හැටි
විපිරියාස වැඩි
කාටත් පොදුවෙම
ඒක දැනෙයි
හැලෙනා දිය ඇලි
වහිනා මහ වැහි
ආදරයෙන් සිප
වැළද ගනී
දැනෙනා දොළදුක
විළිලන ඇලදොල
සොබා දහමෙ
රුචි අරුචි දනී
****************************
ඔබ යද්දි හොරෙන්
හිත අරන් ගිහින්
දුක නැද්ද කියා
ඇයි ඇහුවෙ මගෙන්
අද එකක් කියා
හෙට එකක් කියා
මට දුකක් තියා
දුර යන්න ගියා
ඔබ යද්දි හොරෙන්
හිත අරන් ගිහින්
දුක නැද්ද කියා
ඇයි ඇහුවෙ මගෙන්
කිරි එරෙන ළැමේ
නෙත කදුළු හැලේ
කිරි දෙතොල මැවී
සියොලගම දැවේ
ඔබ යද්දි හොරෙන්
හිත අරන් ගිහින්
දුක නැද්ද කියා
ඇයි ඇහුවෙ මගෙන්
****************************
කොටංඩ 
බැරිනං 
කෙටෙංඩ 
ඇරපං 
කොටයි 
කෙටියි

****************************
ඉදිකටු පැංචල
එහේ නටන්නේ
මං මගෙ තාලෙට
මෙහෙම නටන්නේ
ඉදිකටු පැංචෝ 
තෝත් නටාපිය
මං මගෙ තාලෙට
මෙහෙම නටන්නං
හරිබරි ගැහි ගැහි
මෙහෙම නටන්නං
අර කන්දේ අර
මොකා නටන්නේ
ආං බලාපිය ආං බලාපිය
මේ කන්දේ මේ
මොකා නටන්නේ
මේං බලාපිය මේං බලාපිය
තෝත් නටාපිය
මාත් නටන්නං
තෝත් නටාපිය
මාත් නටන්නං
පැංචල පැංචිල
එහේ නටන්නේ
මං මගෙ තාලෙට
මෙහෙම නටන්නේ
ඉදිකටු පැංචෝ
තෝත් නටාපිය
මං මගෙ තාලෙට
මෙහෙම නටන්නං
හරිබරි ගැහි ගැහි
මෙහෙම නටන්නං
*
****************************
පට්ට කලුවරෙ 
තට්ට් තනියම 
වෙට්ට පිත්තල ඒබරන් 
වෙට්ටු දම දම 
තට්ටු ලොරියක් 
හැටට ඇරියලු නිදිමරන්

****************************
වැස්සට ලෙස්සන
සුදු ඉ රි අතරින්
කාපට් පාරේ
ගමරට යන අපි
සුදු ඉ රි කැපුවොත් 
ඔක්කොම ඉවරයි
කපුව කපෝතියි
දඩ කොල යටිමඩි
කාකි කෝට් එක
පිත්තල බොත්තම්
කැමරා බැමරා
අඩුපඩු දික්කර
දඩකොල දෙනවා
යටිනුත් යනවා
ලේ පිච්චෙනවා
අපි ලෙඩවෙනවා
වැස්සට ලෙස්සන
සුදු ඉ රි අතරින්
කාපට් පාරේ
ගමරට යන අපි
සුදු ඉ රි කැපුවොත්
ඔක්කොම ඉවරයි
කපුව කපෝතියි
දඩ කොල යටිමඩි
****************************
ෆයිනස් ගහ යට
සීතල හිමිදිරියේ
ඔබ නෑ මම තනියෙන්
නෑ නෑ මම තනියෙන්
කොහිද ඔබේ රුව 
කොහිද ඔබේ හඩ
සීතල හිමිදිරියේ
දකින්න ආසයි
අහන්න ආසයි
ආයෙත් මා අසලින්
කම්මුල ගාවින්
හෙමිහිට ඇවිදින්
පිණිකැට අතරින්
සීතල හිමිදිරියේ
සීතල හිමිදිරියේ
ෆයිනස් ගහ යට
සීතල හිමිදිරියේ
ඔබ නෑ මම තනියෙන්
නෑ නෑ මම තනියෙන්
කොහිද ඔබේ රුව
කොහිද ඔබේ හඩ
සීතල හිමිදිරියේ
කුරවි කෙවිල්ලන්
තාම ඇවිත් නෑ
උන්ටත් කලියෙන්
එන්න ඉගිලිලා
තාම කලුවරයි
සිපගන්නත් හැකි
සීතල හිමිදිරියේ
සීතල හිමිදිරියේ
ෆයිනස් ගහ යට
සීතල හිමිදිරියේ
ඔබ නෑ මම තනියෙන්
නෑ නෑ මම තනියෙන්
කොහිද ඔබේ රුව
කොහිද ඔබේ හඩ
සීතල හිමිදිරියේ
****************************
බි වර්ගය රින හතරයි ඒ සී
වයි සමාන එම් එක්ස් ධන සී
මේ සී කාටත් නැතුවම බැරි සී
ඒකයි කියන්නෙ ලදුනට වේ සී
*** හැමදා ආදරණීය මව වන, බිරිය වන, දියණිය වන ගැහැණියට සමාජයෙන් සිදුවන අසාධාරනයට එරෙහිව!
****************************

****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
**************************** 

No comments:

Post a Comment