මූණු පොතෙන් අළුත්ම දෑ fb Activities New Earlier




**************************** 
රටකජු කෑවා දෙන්නත් එක්කල නුවර වැවේ වැව රවුම දිගේ
ඇවිදල ඇවිදල කකුල් රිදෙන කොට වාඩි උනා බිම පාක් එකේ
දළදා මැදුරේ අසිරිය දැක්කා ඔහොම ඉන්නකොට සුදට සුදේ
ඒ අසිරිය මැද දොඩමළු වූවා ඒ දොඩමළු හිත තාම තියේ
බිත්ති හතර මැද තනි උන හිත තුල නෙක මල් පිපුනා ඒ අයුරින්
ගිනියම් පොළවට යන්න උනේ මට සිහිනය විතරක් තුරුළු කරන්
මට ඔබ ඈතයි කියා සිතුනෙ නෑ මතකය සොදුරුයි ඒ තරමින්
හමුවෙන දවසට ඇයි මගහැරියේ තාමත් පැණයකි හිත ඇතුලෙන්
රටකජු කෑවා දෙන්නත් එක්කල නුවර වැවේ වැව රවුම දිගේ
ඇවිදල ඇවිදල කකුල් රිදෙන කොට වාඩි උනා බිම පාක් එකේ
දළදා මැදුරේ අසිරිය දැක්කා ඔහොම ඉන්නකොට සුදට සුදේ
ඒ අසිරිය මැද දොඩමළු වූවා ඒ දොඩමළු හිත තාම තියේ


****************************
ඈතින් හිටියට ළගටම ඇවිදින් හිත ළග කැරකෙනවා
බිමට පනින්නට බලන් ඉන්නෙ මන් පැන්නොත් තනිවෙනවා
බමරු ඔහොමමයි මළත් බලන්නෑ මලකට ලංවෙනවා
වෙනදා වාගෙම මාත් පිපෙනවා හවසට පරවෙනවා
ඇයි බමරින්දේ හොරෙන්ම වැඩියේ හීතල හිමිදිරියේ
ඔමරි කරනවා මුකුළු කරනවා මල් යායෙම හැංගී
හොරා හොරාමයි හොරහිත මලටයි මම විතරක් ඇයි මේ
පරවෙන මල මම අයිති නුබටමයි උරපන් මධු මාගේ

****************************
බෙංගාල බොක්කටයි අපේ නැව ඇදෙන්නේ 
රුංගාල පටගාල හබල් රළ බිදින්නේ 
තල්මස්සු දැති මෝරු මිනිස් ඉව හොයන්නේ 
පදිනවා පදිනවා නැව නොවෙයි ඇදෙන්නේ 
තන්හාව ඇදෙන්නේ 
ඉපදීම මැරෙන්නේ
****************************
සුරංගී අඩනවා 
සුරංගට ඇහුනනං 
සුරංගත් අඩනවා 
සුරංගිට හිනැහෙන්න
****************************
පිරුනු කළේ 
දිය නොසැලේ 
බිදුනු කළෙත් 
දිය නොසැලේ
****************************
පිපුනට පිපුනට පිපෙන්නෙ නැති මල් 
පරවෙන්නෙත් නැති පිපෙන්නෙ නැති මල් 
මල් මල් කිව්වට මල් නොවෙනා මල් 
සුවයක් වෙනවද සුවදක් නැති මල් 
****************************
යසවතී අක්ක ළග 
තිබුන යස හැට්ටයක් 
හැට්ටෙමත් නම් නොවේ 
තිබුන යස තන් දෙකක් 
තන් දෙකක්මත් නොවේ 
තිබුන යස හැඩ ඇගක්
ඇගක් විතරක් නොවේ
තිබුන යස හිත් මලක්
හිත් මලේ සුවද රැදි
යසා යස පිංකදක්
****************************
නූල අදින සරුංගලේ 
අත පුච්චයි හීංසැරේ 
නූල කැඩුන සරුංගලේ 
හිත පුච්චයි නිසංසලේ
****************************
ආච්චිගෙ 
ආච්චී 
ආච්චිට 
ආච්චී
****************************
ටිකෙන් ටික මෝරනා 
ඉද්දමල් තන්හාව 
පිච්චමල් තන්හාව 
බුදුසාදු පාමුලේ 
ඉබේටම වේලෙනා 
ඉබේටම පරවෙනා
අනේ සාධු අනේ සාධු
නිවන්පුරේ සුදු පිරුවට
****************************
තෙළිතුඩින් 
අතෑරුන 
සිත්තමකි 
වියෝගය
****************************
පීලි දෙකේ 
කෝච්චියේ 
රෝද ගොඩයි 
පෙට්ටි ගොඩයි 
ඒ මදිවට 
සෙනග ගොඩයි
****************************
රුංද තකට තක් තරිකිට රුංද තකට තක්
නින්ද නොඑයි මා අසලට නගා ඉන්නකං
නගා නොඑයි මා අසලට නින්දෙ ඉන්නකං
රුංද තකට තක් තරිකිට රුංද තකට තක්
තජ්ජිත් තොන්නං තරිකිට කුංදත් තා
තරිකිට කුංදත් තා

අනේ ඉතින් මක්කරම්ද නගත් නෑනෙ දැං
නගා ඉතින් මක්කරම්ද අපිත් නෑනෙ දැං
****************************
මාල 
පෙත්ත
පපුවට 
බර 
****************************
නළියන දෑස දිහා
බලන් ඉන්න ආසයි මම
නළියන දෑස දිහා
නළියන දෑස දිහා
බලන් ඉන්න ආසයි මම
සිනා පපා
බොරුවට තරහ වෙවී
තරහ අරන්
ඇත්තට හිනා වෙවී
කහමල් ගවුම උනන්නේ
රතුමල් ඔසරි අදින්නේ
සුන්දර පාර්වතී
සුන්දර පාර්වතී
නළියන දෑස දිහා
බලන් ඉන්න ආසයි මම
නළියන දෑස දිහා
නළියන දෑස දිහා
බලන් ඉන්න ආසයි මම

****************************
හිමි නොවන බවක්
නැහැ දැනුනෙ එදා
හිමි නොවන ලෙසක්
නැහැ පෙනුනෙ එදා
ඉගි මරන ඇහින් 
කී රහස් කතා
මට බරක් කියා
හිතුවාද එදා
සිසිකිරණ ගෙනා
මධුසදට හොරා
අපි අපිම උනා
බර හිතේ තියා
ගන අදුර ඇවිත්
සද වහං උනා
යළි එන්න කළින්
ඔබ යන්න ගිහින්
හිමි නොවන බවක්
නැහැ දැනුනෙ එදා
හිමි නොවන ලෙසක්
නැහැ පෙනුනෙ එදා
ඉගි මරන ඇහින්
කී රහස් කතා
මට බරක් කියා
හිතුවාද එදා
හිමවතේ පිපී
හිමවතෙම හැලී
රොන මිලින මලේ
දුක කවුරු දනී
සුසුමකින් එහා
සැනසුමක් ඇතී
සෙනෙහසක් ලොවේ
කිසි තැනක නැතී
හිමි නොවන බවක්
නැහැ දැනුනෙ එදා
හිමි නොවන ලෙසක්
නැහැ පෙනුනෙ එදා
ඉගි මරන ඇහින්
කී රහස් කතා
මට බරක් කියා
හිතුවාද එදා
****************************
ඇනල කොටල 
අත රිදුනද 
රවල බලල 
තොල රිදුනද 
මූණු පොතේ 
මල්සර දෝණී
ආල හිතේ
වැදුනම සීනූ
****************************
ලුසියානෝ මරෙන්සිලා 
පණපෙව්වත් සිඋගිරියට 
සීගිරියත් හමගනව 
අපේ එවුන් වාසිගන්න 
****************************
පුණ්‍යවතී 
හිරේ ඉදන් 
පංසල් යයි 
ෆෝන් එකෙන්
****************************
ආයෙත් බලපන් 
මයිනෝ ආයෙත් බලපන් 
බලලත් බලපන් 
මයිනෝ බලලත් බලපන් 
ඔබලත් බලපන් 
මයිනෝ ඔබලත් බලපන්
ඇදලත් බලපන්
මයිනෝ ඇදලත් බලපන්
නැත්තන් කපුටො කොටයි
ගොයියෝ කපුටො කොටයි
මයිනට කපුටො කොටයි
****************************
මෙට්ට ගෙනැල්ලා
ගන්නැයි කිව්වා
වැඩක් තියෙනවෑ
ඩබල් ඇදක් නෑ

****************************
පාන නිවුවා 
කටින් පිබලා 
කටක් වැහුවා 
පාන ඔබලා
****************************
මැද්දෙ සවුන්දර 
උඩයට දාලා 
උඩයට ගින්දර 
මැද්දෙන් ගහමුකො
****************************
ඇන්නට ඇන්නට 
හරියන්නැත්තන් 
ඇදපන් ඇදපන් 
එළියට එන්නට
****************************
හිත නතර 
උන ඉමම 
නිවාපන් 
ගිනිදල්ල
****************************
ගාත්‍රාවෙ
මාත්‍රාව
යාත්‍රාවෙ
හබල්ගෑම
*නොතේරේනම්
යුගදිවියෙන්
පලක් නොවේ!
****************************
දුම්බරට 
උරුම උන 
දුම් බරකි 
මීදුම
****************************
පිලට පැදුර 
පිලේපැදුර 
ඇදේ ගොදුර 
මගේ සොදුර
****************************
වෙරළෙන් එහා රැල්ලෙන් වැසී
සිතිජ මායිමේ
රුවලත් ඉ රී හබලත් බිදී
ඉන්නෙ ඇයි රැදී
ඔහේ පාවෙවී 
කින්නරාවියේ සුන්දර කින්නරාවියේ
හිරිමල් වියේ තරු එළි නිවා
පාවෙන්නෙ යාවෙන්නෙ
සදකැන් දියේ
කිමිදෙන්න ආසයි
නැළවෙන්න ආසයි
නොකියාම හැංගේද
ඔය ආදරේ
වෙරළෙන් එහා රැල්ලෙන් වැසී
සිතිජ මායිමේ
රුවලත් ඉ රී හබලත් බිදී
ඉන්නෙ ඇයි රැදී
ඔහේ පාවෙවී
කින්නරාවියේ සුන්දර කින්නරාවියේ
හංකිති කවා පෙණපිඩු එවා
හැංගෙන්න හිතුවාද
වෙරළට නොයා
සිතිජේ ඉමේ ඉන්නම් රැදී
මුමුණන්න රහසින්
ඔබෙ ආදරේ
කොදුරන්න රහසින්
අපෙ ආදරේ
වෙරළෙන් එහා රැල්ලෙන් වැසී
සිතිජ මායිමේ
රුවලත් ඉ රී හබලත් බිදී
ඉන්නෙ ඇයි රැදී
ඔහේ පාවෙවී
කින්නරාවියේ සුන්දර කින්නරාවියේ
****************************
වැහි කැන්දූ 
ග්‍රීෂ්මය 
පලාගියා 
පොල්ල තියා 
වැහි බිංදුවට
****************************
නුබ නැති 
රෑ 
ඉබ්බෙකි 
ගල් කුලක 
පැහැරූ
****************************
ඩිංගක් බැරි විය
චුට්ටක් බැරි විය
ගොඩාක් බැරි විය
බැරිම බැරිම විය
එයයි මහළු විය
****************************
අර ගල යට 
මේ ගල යට 
ගලට උඩින් 
කොක්කු ගියෝ 
තෝ අඩපිය 
ඔතන ඉදන්
මං අඩන්නෙ
අතන ඉදන්
අතන ඔතන
එක බොනවද
****************************
කියොබුවැල් ලිහී එතී
නළලතේ රැදේ
ලස්සනයි ලස්සනයි
මාලතී ඔයා
බෝ සුළං පාවෙවී යාවෙවී හමා
ආදරේද මේ කියන්නෙ
ඔබට මට හොරා
නෑ ඇසෙන්නෙ කාගෙවත් සෝ සුසුම් හඩක්
කෝ ඔබේ දෑත දෙන්න පා සිනා නෙතින්
කියොබුවැල් ලිහී එතී
නළලතේ රැදේ
ලස්සනයි ලස්සනයි
මාලතී ඔයා
රහසෙ කීව රසකතා මතකයෙන් ඇවිත්
හීන වදුලෙ හැංගිලා ඔබට මට හොරෙන්
තාම නැද්ද ආදරේ කියන්නට බයෙන්
මාලතීගෙ කම්මුලේ හැපෙනවා සැරෙන්
කියොබුවැල් ලිහී එතී
නළලතේ රැදේ
ලස්සනයි ලස්සනයි
මාලතී ඔයා
****************************
තොලක් 
දාමු 
දොලක් 
ළගදි
****************************
බත් ඇටේ
කූබි කයි
ඉදි ඇටේ
ගහක් වෙයි
****************************
දුක ළග 
දුක 
ගාණක් 
නෑ 
සැප ළග 
සැප
ඒක 
දුකයි
****************************
යාන්තරේ 
හිරවෙනවා 
සාස්තරේ 
කෙලින් කළොත්
****************************
සයුර තරම් 
ලොකු උනාට 
කූබි පුකකි 
මට ඔය හිත
****************************
උඩ ඉගිලෙන 
සරුංගලේ 
වාගෙයි මගෙ 
හිත ඇතුලේ
****************************
ඇදට ගොඩවෙලා ඇද යට කැවුම් හොයනවා
පිටට පිට තියා හීතල නැහැයි කියනවා
කොට්ට උර දෙකේ සිව්කොන් එකට හැපෙනවා
පින්න මල් පිපෙන පින්නේ අරුමෙ දැනෙනවා
එක හිත මත දෙහිත බැදී හාදු පිදෙන්නයි
තුන් හිතකින්වත් නොහිතපු කතා ඇහෙන්නයි
ඉසිගෝමර පෙතිගෝමර එකට හැපෙන්නයි
එහා මෙහා මාරුවෙවී මාරු ඇරෙන්නයි
පිය උරුමය මව් උරුමය එකම තැනක හිද
එකට එකක් නොසැලෙන සේ එක පොදියට බැද
උන්හිටි තැන් යායුතු තැන් පසක් කරන සද
සිරියහනේ වන රමණය රන්කැටියෙක්මද
****************************
නමේට කලින් 
බුදියගනින් 
හයට කලින් 
නැගිටපාන් 
බුදියගනින් 
නැගිටපාන්
නමේට කලින්
හයට කලින්
ඔට්ටුයි බෑ . . . . .
****************************
කියන්නෙ 
බොරු 
අහන්නෙ 
ඇත්ත
****************************
දුරයි අතීතේ 
කිව්වට 
ළගයි අතීතේ 
බැලුවම
****************************
කහ දියර ඉසිද්දී 
දිය රෙද්ද ගලවලා 
බලන් හිටියොත් හොරෙන් 
පොට්ට ඇස් ලොද පනී
****************************
අප්පට හපන් 
උගෙ පොඩි එකා 
ඌටත් හපන් 
උගෙ මහ එකා
****************************
මහරු මතක මැද 
කදෝමිණකි ඔබ 
හීන්සැරේ ගාට ගාට 
පිටිපස්සෙන් එන
****************************
හිටෙව්ව දත් 
ගැලෙව්වාද 
ගැලෙව්ව දත් 
හිටෙව්වාද 
ටූ ටූ ෆයිව් 
ඔළු ඇතුලේ
****************************
බුරිය හැදුනු
පෙකණි වැලේ
මුල මැරුනෙත්
බුරිය හින්ද

****************************
කජු මදේ 
අතේ මිරිකන් 
ලෙල්ල විකයි 
තලු මරමර 
ඉස්ම පෙරෙයි 
රෙද්ද දිගේ
****************************
ලබ්බයි පුහුලයි 
එල්ලුනෙ වැල්වල 
නුවත් මාත් හිටි 
හීන කොදෙව්වක 
ලබ්බ පලිද 
නුබේ දුකට
පුහුල පලිද
මගේ දුකට
****************************
කදුළු අඩනවා 
ඇහැක් වසාගෙන 
හිනා පෙරෙනවා 
තොලක් හපාගෙන
****************************
හොරෙන් හොරෙන් එබෙන්නෙපා
තරහ වේවි මයෙ පුන්සද
ඉහෙන් කොණෙන් අදින්නෙපා
ගතු කියාවි ඇයෙ පුන්සද
****************************
තියෙන්නෙ 
මොනවද 
හූනගෙ 
නැත්තේ
****************************
බෝ මළුව 
ලංවෙද්දි 
කරතියන් 
පෙති පිළිම 
දුර දුවයි 
කහ රෙද්ද
****************************
වසාගත් 
නිරුවතින් 
මවාගත් 
හැදියාව
****************************
ලෝබ නොවී
ලෝබවෙන්න
ජීවිතේම
හිස් නොවෙන්න
****************************
පිරිමි වදයි මුඛයෙන් 
ගූ බෙට්ටක් 
ගැහැණු ශුක්‍රාණුවෙන් 
ගැබ්බරව හිද
****************************
දුක් විදල හදල 
ගෙවල් දොරවල් 
හිරකාරයො වෙලා 
බල්ලො බළලුන්ගෙ 
කරුමය ගෙනා 
අරුමෙක මහත
****************************
පුටු සැට් එක 
රෙද්දෙන් වහල 
අපි 
හිටගෙන
****************************
****************************
ජනෙල් වහන්නෙ 
දොරවල් වහන්නෙ 
මදුරුවො එනවට 
එතකොට 
උඩ යට හිල්, 
කකුල් දෙකේ
බූරු හැත්ත
****************************
පෙන්නන්නෙ බය 
මදුරුවට 
ඇත්තටම 
හෘදය සාක්ෂියට 
තුහ් විතරක්
****************************
කාපිය
කොස්
දෙල් වාරේ

****************************
පිළී ගද
නෙළුම වට
කුඩමස්සු
සුවද දෙති
****************************
අම්බපාලිගෙ
පොත්ත
වහල
සුදු රෙද්දකින්
****************************
හෙළුවැල්ල 
වහන්නට 
හෙළුවැල්ල 
පෙන්නුවා
****************************
තට්ටුමාරු 
රජමැදුරේ 
යටතට්ටුව 
මගපාරේ
****************************
ඉ රට 
කදුළු 
හදට 
විහිළු
****************************
ලිස්සුවාම පය
වැටෙයිද පහලට
ලීස්තරෙන් ගැලවුන
සාංඝික ආත්මය

****************************
ජීවිතේ දිහා 
හොරෙන් බලන්නෙපා 
කවුරු හෝ ඇවිත් 
මූණ ඉබල යයි
****************************
කාකයෝ හඩද්දි 
උරතලේ හැපී 
ඈ සිනාසුනා 
මාවතේ රැදී
****************************
නොතිත් ආශා 
දැහැන්ගතවී 
සොයයී නිස්සාරේ 
හාමතින් 
වැටී නිද්‍රාවේ
****************************
අගෙයි අප්සරාවී 
රෑ වී 
රගන මහපාරේ
****************************
පිපී හිනැහෙන 
ඕලු මල් 
පිපී නැළවෙන 
සමන් මල් 
පිපී හිනැහෙන 
පිපී නැළවෙන
පිපී මැළවෙන
නාරි මල්
****************************
හෝරාව
එලබිලා
ශෝබාව
දොවන්නට
ශෝබාව
දෙවූ කල
හෝරාව
එලබේවි
කුස්තූර
මකන්නට
****************************
බලුට බලු 
බලු නොවටී
****************************
රාගය 
උණුසුම්වෙයි 
ගින්නෙන් 
තෙත්වී
****************************
නිද්‍රාව 
නිද්‍රාවටම 
යටකොට 
සුළුදිය නෑහ
****************************
ලීලෙට 
ලීලනං 
සෝමෙට 
සෝමනං 
රූපෙට 
රූපනං
වාහෙට 
කවුද බං
****************************
එතකොටත් 
එතකොට 
තනිය හා 
නොතනිය
****************************
චොප්පෙ 
චොප්පෙටත් 
චොප්පෙ
****************************
කවි 
කන්නද 
ඕ . . . . . . යි, 
මගෙන් 
ඇහුවනෙ 
ඕ . . . . . . යි,
****************************
බදාගෙන 
බදාගෙන 
බදාගෙන 
අතාරිනවා 
චොප්පවෙන්නම
****************************
පූට්ටුව 
ගැලපිලා 
මාට්ටුව 
විරවිලා
****************************
ලබ්බ 
හුටස් 
බළල් 
පයිය
****************************
කිරි 
නැති තැන 
කිරිත් 
නොමැත
****************************
තනේ කිරි 
බීලා 
තනේ 
කාලා 
තනේ 
විකුවා
****************************
තිසර පටින් 
එබෙන තනේ 
නුබට පෙනේ 
මට නොපෙනේ
****************************
පිංතාලිය
-------
බීපු එකා
හැදිය 
බිදපු එකා 
මැරිය
****************************
හීන 
උළුක්කර 
ඇදුමෙන් 
ගැහුවා
****************************
සිව්සැට මායම් සූසැට බරණයි
කිව්වට තේරුම් නූනට හදුනයි
ඇතුවත් බැරි නැතුවත් බැරි
දෙකොණ විලක්කූ
දීපශිකා නුබ නාඩන් නොවෙමි පරක්කූ
මදුරුවො තල තල එන්නේ මග දිග
කෑලි කැපෙන ඝන අදුරේ ඉවකර
කෝටුකිතයියන් හිටියොත් නුබ ළග
හැන්දෙන් ඇනපන් හොම්බෙන් යන්නට
නුබ නාඩන් දීපශිකා
එනව මං තත්පරේට
නුබ නා ඩ න්
දී ප ශි කෝ
බයිසිකලේ . . .
හුළං ගි යෝ ඕ ඕ ඕ
****************************
ආසි වැනෙනවා
හේර දුවනවා
පොරව හොයනවා
බූරු ගහන්නට
බූරු යටින්
පොරව උඩින්
හේර උඩට
ආසි නැගල
අනල බෙදල
කපල කොටල
කොස් තම්බල
මාළු බැදල
ඒස් උන්නෙ
කිංගෙ කරේ
ක්වීන් හිටියෙ
ජැක්ගෙ පිටේ
ඒස් කිං
ක්වීන් ජැක්
ටෙන් නයින්
එයිට් සෙවන්
ෆයිව් ෆෝ
ත්‍රී ටූ
අපි නිකම්ම ජෝකර්ලා
හතර දෙනා පාට හතරෙ
****************************
කප්පරක් 
සෙනෙහසින් 
බිම්බරක් 
බැද ගතිමි 
සිංහ සෙයියාවෙන්
****************************
නව භද්‍ර යව්වනයෙන් සුපුෂ්පිත 
සිනා මල් කැකුළේ 
නුබේ තනියට තනි රකින්නේ 
සුරලියක් නේදෝ 
ඇයයි අම්මා ඇයයි අම්මා 
සදා පෙම රැදුනේ
නුබේ නමිනුයි හෙට දිනන්නේ
නුබට හිමි ලෝකේ
****************************
ඉනික්බිතිව කෑමොර දෙති
එකත්පස්ව ලෙංගතු වෙති
ඔල්වරසන් කදුලු කලාපේ
හිතට හොරා හිතේ මැවෙන
ඉන්ද්‍රඛීල චාප විලාපේ
අගටත් නැති
මුලටත් නැති
මැදටත් නැති
අරුතක් ඇති
ඔල්වරසන් කදුලු කලාපේ
හිතට හොරා හිතේ මැවෙන
ඉන්ද්‍රඛීල චාප විලාපේ
ඉහට උඩින් ගියත් එකයි
පයට යටින් ගියත් එකයි
කද හරහට ගැටී දැවෙන
ඔල්වරසන් කදුලු කලාපේ
හිතට හොරා හිතේ මැවෙන
ඉන්ද්‍රඛීල චාප විලාපේ
****************************
ළමිස්සියක් කුළ ගෙට ඇවිදින්
කාසි පණම් හොයමින්
ළමාතැනීගේ පෙට්ටගමත් ඇරලා
හරිම කලබලයක්
නැතුව එක තබයක් 
ගෑණු හුටපටයක්
ලේලි නැන්දම්මා
වංස හැදිගෑවා
කෙහෙවලුත් පටලා
කුලමලත් ඇද්දා
හදේ හැටි කිව්වා
ලපේ ගැන ඇහුවා
හාව පැන්නේ නැට්ට වනලද
දෙන්න උඩ පැන්නා
නැට්ට නැති හාවෝ
දුක සදති ලෝකේ
නැට්ට ඇති හාවෝ
සැප සදති ජීවේ
හාව නැතිවූවානම්
හදත් අදුරෙයි තාම විශ්වේ
****************************
සදුන් කපුරු අගිල් දුමින්
කිරුළ වහන්නයි හැදුවේ
සිරස දිලෙන්නට
නාබර කැකුළියො රොත්තක්
දෑල රගන්නට ඉඩහැර 
දෑත රැදෙන්නට
හංස විලේ පීනන ධේනූ
තිසර පටින් ගිලිහුන ධේනූ
වයන පදට පාද තබන්නයි
ගිගිරි නදට හීන මැවෙන්නයි
හීන මතින් පියමං කොට
බමන මතින් අඩ අදුරට
සළෙල දනන් උමතු කරන්නයි
කිරුළ දරා සිත් කළබන්නයි
උමතු සිතින් සදා රගන්නයි
තිසර පටින් ගිලිහුනු ධේනු
රජ කිරුළේ නැළවෙන ධේනූ
****************************
උඩ බැලුවම බිම හරි පාළුයි
බිම බැලුවම උඩ හරි පාළුයි
යාළු වෙවී හිනාවෙන්න
හිනා වෙවී යාළුවෙන්න
ඔයත් එක්ක මම හරි ආසයි
ඔයයි මමයි යාළු වෙමු කියා
මමයි ඔයයි යාළු වෙමු කියා
ඔයත් කිව්ව මමත් කිව්ව
ඒවා දැන් හිනා වෙන කතා
උඩ බැලුවම බිම හරි පාළුයි
බිම බැලුවම උඩ හරි පාළුයි
යාළු වෙවී හිනාවෙන්න
හිනා වෙවී යාළුවෙන්න
ඔයත් එක්ක මම හරි ආසයි
පුංචි පුංචි තැන් කොනිත්තලා
පුංචි පුංචි ජල්ලි ඇල්ලුවා
එදත් පුංචි නෑ අදත් පුංචි නෑ
හිතේ පිපෙන සොදුරු මල් හිනා
උඩ බැලුවම බිම හරි පාළුයි
බිම බැලුවම උඩ හරි පාළුයි
යාළු වෙවී හිනාවෙන්න
හිනා වෙවී යාළුවෙන්න
ඔයත් එක්ක මම හරි ආසයි
****************************
හිරුත් නිසල විය
සදුත් නිසල විය
ඔබ විතරක් ඇයි
ඔබම නොවී මේ
මුමුනන්නේ 
මෙලෙස සසල වී
මුමුනන්නේ
හුළග හුළගෙමැයි
අදුර අදුරෙමැයි
එහෙත් කිමද ඔබ
ඔබම නොවී මේ
ලතැවෙන්නේ
සිනහ වෙවී මේ
ලතැවෙන්නේ
සුසුම පර නොවේ
කදුල පර නොවේ
මලක් වෙලා ඇයි
ඔබම නොවී මේ
පරවෙන්නේ
සුවද දිදී ඇයි
පරවෙන්නේ
****************************
රෑන් පිටින් ගිරව් ඇවිත්
ආන් රංඩු වෙල් ඉපනැල්ලේ
හීං හඩින් ගී ගයපල්ලා
පුංචි පුතා ඇහැරුනොතින්
කරයි රංඩු පුංචි තොටිල්ලේ 
හීං හඩින් ගී ගයපල්ලා
බිළිදු තොලේ කිරි සුවදේ
ළමැද එරේ පුතුගෙ සෙනේ
නෙත නොසලා නිදන් පුතේ
හීං හඩින් ගී ගයපල්ලා
පුංචි පුතා ඇහැරුනොතින්
කරයි රංඩු පුංචි තොටිල්ලේ
හීං හඩින් ගී ගයපල්ලා
****************************
හීනේ හීනේ හීනේ
තුන් සිත් කළබන හීනේ
ගීතේ ගීතේ ගීතේ
ඔබ මා රදවන ගීතේ
පාවෙවී ඇවිත් යාවුනා හිතේ
නෑ ඔයා නෙමෙයි වෙන කෙනෙක් එයා කෝ ඔයා කොහේ ඉන්නෙ හැංගිලා
දෑත පා සිනා එන්න ඉගිලිලා
හීනේ හීනේ හීනේ
තුන් සිත් කළබන හීනේ
ගීතේ ගීතේ ගීතේ
ඔබ මා රදවන ගීතේ
හාදවී ඇවිත් ළං උනා කියා
කීවෙ නෑ එයා ඔබ වගේ එදා
මල් මිටක් ගෙනා අත් දෙකත් වනා
යන්න ඈ ගියා හාදු මග තියා
හීනේ හීනේ හීනේ
තුන් සිත් කළබන හීනේ
ගීතේ ගීතේ ගීතේ
ඔබ මා රදවන ගීතේ
****************************
අදුරට හාදු දෙන්න
එළිය නිවාපන් සදවත
හීන මවාපන් තුන්සිත
කෝකිලයෝ නිදියන යාමේ
පහන් තරුව හිනැහෙන රෑ මේ
ආසයි මට අහන් ඉන්න
වස්සානේ නොඇසුව ගීතේ
නිද්‍රාවේ ස්වප්න ගීතේ
ඔය හීනෙට තුරුළු වෙලා
ආසයි මට අහන් ඉන්න
නිද්‍රාවේ ස්වප්න ගීතේ
අදුරට හාදු දෙන්න
එළිය නිවාපන් සදවත
හීන මවාපන් තුන්සිත
කෝකිලයෝ නිදියන යාමේ
පහන් තරුව හිනැහෙන රෑ මේ
පත් ඉ රුවක අකුරු රටා
සෙල් ලිපියක හැඩට කොටා
මැවෙන රටා ගුවනේ සගවා
ඔය හීනෙට තුරුළු වෙලා
ආසයි මට අහන් ඉන්න
නිද්‍රාවේ ස්වප්න ගීතේ
අදුරට හාදු දෙන්න
එළිය නිවාපන් සදවත
හීන මවාපන් තුන්සිත
කෝකිලයෝ නිදියන යාමේ
පහන් තරුව හිනැහෙන රෑ මේ
****************************
අන්න බලන් අර 
කන්ද උඩින් හද 
ලන්ද මැදට වඩිතෙයි 
නින්ද නොඑන හිත 
මන්ද නොයා ඉද 
කින්ද මන්ද හොයතෙයි
බැන්ද සෙනේ නුබ
වින්ද අගේ අද
අන්ද මන්ද කරතෙයි
නන්දනීය පෙම
බින්දෙ කොහොම නුබ
කෙන්ද කන්ද නොවෙතෙයි
****************************
ආයෙත් යමු හොයාගන්න
උදුම්බරා කුමාරියක්
තාර පාරෙ පිච්චි පිච්චි
නෙළාගන්න මල් කැකුළක්
උරේ දමා නන් විසිතුරු 
අරුමෝසම් සැහැල්ලුවක්
යාන් හෑලී වීසි කරමු
එක මිටකට දෙකක් තුනක්
කපුරු මලේ පෙති හැලුනේ
මලට හොරා බව නොදනිද
නපුරු උනේ ඇයි එදවස
සසර ගමන කෙටි කෙරුවද
අදුරු රැයේ පෑ පුන්සද
අදත් හෙටත් නුබම නොවෙද
රුසිරු වේවි රෑ සත්සර
ඈත මෑත ඇහෙනා සද
****************************
හිටවපු ගස්වල මල් පූදිනවා
දැනුනම හිත තුල සතුට බොහොයි
තව මල් පිපියන් සුවද හමන්නට
ලෝකය තව තව සුන්දර වෙයි

****************************
බිසවක නූනත් පෙර රජ මැදුරක
සූසැට බරණින් සැරසීලා
මටත් රජෙක් හිටියා ඒ කාලේ
කලා වැවේ දිය මත ඇදිලා
දෑතේ කරගැට නළලේ ඩා බිදු 
පෙන්වා හිනැහෙයි ඉගි මරලා 
. . . . . . . . . . . . .
. . . . . . .
*** මම්ම තැම්බෙන්නෙ මොකටෙයි,
ඉතිරි පද උබලම තම්බගෙන කාපල්ලා!
****************************
දෙමංසලේ තරු ඇහිදිමු
දෙමංසලේ හීන දකිමු
කවුරුවත්ම නොඑන තැනක
තනිමංසල සිනහ නගමු
ඉහට උඩින් ඉ ර පායා
ඉහට උඩින් සද පායා
ඉ රත් සදත් නැති අතරේ
හැංගි හොරා සිනහ නගමු
සාර සියක් මල් පිපෙනා
සාර සියක් බිගු වඩිනා
සාර සදිසි පෙම් උයනේ
හැංගි හොරා සිනහ නගමු
****************************
2004 වසරේදී අපෙන් වියෝවූ ප්‍රවීන නළු සේනක පෙරේරා සමග 1976 වසරේහී කොළබ බෞද්ධාලෝක මාවතේ සුදර්ශිය ඉදිරි පස පාරේ යකඩ බම්බු වැට උඩට වී බුලත් විට සපමින් පිළිසදරේ යෙදී සිටියදී එතැන පසුකර ගිය පෙම්වතුන් යුවලක් නිමිත්ත වී දෙදෙනා විසින් මාරුවෙන් මාරුවට ලියැවුනකි මේ!
ලබැදි සේනක,
මෙය ඔබට උපහාරයක් වේවා!
සැදෑ සවාරියේ 
ඔබ ඔහු අත ගෙන යන මාවතේ
මෙහා කොණට වී
මම බලා හිදින්නම්
සිතුවම් පට මියගිය අතීතයේ
තෙපලූ වදන් සනහා සවන්
නිවමින් හදේ දුක් වේදනා
නොලියූ ගයක් විලසින් රැදී
පාරයි හදේ සංවේදනා//
සැදෑ සවාරියේ
ඔබ ඔහු අත ගෙන යන මාවතේ
මෙහා කොණට වී
මම බලා හිදින්නම්
සිතුවම් පට මියගිය අතීතයේ
ඉගි පෑ නුවන් කදුලින් පිරී
බොදවී හඩයි පෙම් ප්‍රාර්ථනා
වියැකී ගියත් මහදේ හැගුම්
පතමී ඔබට සුභ ප්‍රාර්ථනා//
සැදෑ සවාරියේ
ඔබ ඔහු අත ගෙන යන මාවතේ
මෙහා කොණට වී
මම බලා හිදින්නම්
සිතුවම් පට මියගිය අතීතයේ
****************************
අළුත ගෙනා
මනමාලි ඇවිල්ලා
කුස්සිය පුරාම
හිනා දොලක් ,
සිංදු ඇහෙනවා 
සුවද දැනෙනවා
කුස්සියෙ හැදෙනව
රස කෑමක්
නැති සිරියාවක්
කොහෙන් කියන්නද
කිව්වම පිපෙනව
සිනා මලක්,
ඒ සිරියාවම
ඇති මුළු දවසට
ඒකත් තියෙනව
අවුරුද්දක්

****************************
බහු මාද්‍ය යට්ටංච 
ඒක මාද්‍ය උඩිං හිටිං 
( Always Radio is powercul than TV)
****************************
යහන මත මල් අතුරලා
ඇයි හිනාවෙන්නේ
බුදු පාන නෑ තාම නිමුනේ
එතෙක් ඉවසාපන් සාවියේ
එතෙක් ඉවසාපන්
කෝල හිත යට ආලෙ ගැලුවට
පෝය හදපානේ
බතේ රස්නෙට හිතත් රස්නෙයි
නෑකමක් වාගේ
ඉ රිසියාවක් දැනෙනවා මට එය උබට නෑනේ
ඉවසපන් සාවියේ ඩිංගක් තෙල් හිදෙයි පානේ
මල් තරහ නෑනේ
****************************
වෙන්වෙන්න සිතා ලංවෙන්න එපා
ලංවෙන්න සිතා වෙන්වෙන්න එපා
හිත බොළද වැඩියි හදවතට වඩා
ඉ රණමට ලැදියි සරදමට වඩා
දුක්වෙන්න සිතා හිනැහෙන්න එපා 
හිනැහෙන්න සිතා දුක්වෙන්න එපා //
පිණි දියර වගේ නෙත කදුලු දරා
මිණි මෙවුල හැලේ දෙවටොරට හොරා මල්සර සැතපේ ගනදුරට වැදී
ඔබ නොවෙද තනී ඈ නොවෙද තනී
දුක්වෙන්න සිතා හිනැහෙන්න එපා
හිනැහෙන්න සිතා දුක්වෙන්න එපා //
මඩ පුරුනු දියේ සුදු නෙළුම් පිපේ
සුදු නෙළුම් පිපී මඩ දියම වැහේ
අරුණෝදෙ පෙනෙයි රෑ අදුර මැදින්
ඔබ නොවෙයි තනී ඈ නොවෙයි තනී
දුක්වෙන්න සිතා හිනැහෙන්න එපා
හිනැහෙන්න සිතා දුක්වෙන්න එපා //
****************************
සත් වග සිත් නිවී යාවි
බුදු බණ පදයෙන්
සත් වග සිත් සෝ ලතැවුල්
නිවී යාවි බුදු බණ පදයෙන්
ඇසූ දෙසූ බුදු බණ පදයෙන් 
සනරාමර බුදු බණ පදයෙන්
ලෝක තිවංකර තිලොවග මාහිමි
වැඩ හිදි රුක මුල මෙත් වඩනා කල
තුන් සිත පැහැදේවා
මෙත් මල් පිබිදේවා
නිවී යාවි බුදු බණ පදයෙන්
සනරාමර බුදු බණ පදයෙන්
සත් වග සිත් නිවී යාවි
බුදු බණ පදයෙන්
සත් වග සිත් සෝ ලතැවුල්
නිවී යාවි බුදු බණ පදයෙන්
ඇසූ දෙසූ බුදු බණ පදයෙන්
සනරාමර බුදු බණ පදයෙන්
****************************
චිකන් කරිය 
උබට හරිය 
මට නොහරිය
****************************
රැදී දිගු කාලයක්
මගේ මතකය පුරා
හිදී නොඉදින අයුරු
ආදරේ නාමයෙන්
අතින් අත ගෙන යද්දි
ප්‍රිය තෙපුල් වැස්ස යට
නෙතින් නෙත කී කතා
පා කළෙමු වාතලේ
සපථ කොට වෙන් උනෙමු
හිදී නොඉදින අයුරු
ආදරේ නාමයෙන්
****************************
-නිදිත් මරල 
බඩක් හදල 
ළමයි වදල 
නිකන් ඉදල, 
ඔහේ හැදිල 
"වසුරු විලක්"
****************************
කවි අගයන්නෝ 
කවි රස දන්නෝ 
කවිය නොදන්නෝ 
කවිය විකන්නෝ
****************************
පෝය අරිමු 
ආයෙත් එයි 
විසි අටකින් 
විසි හතරේ 
හැටේ හැටේ
****************************

****************************
රගනවා මැරෙනවා 
ආයෙත් ඉපදී 
ලොකුවට රගන්න 
වැඩියෙන් රගනවා 
නිකනුත් එහෙමයි 
පෝයෙත් එහෙමයි
****************************
පෝයට 
පෝයක් නෑ 
සෝබන විතරයි
****************************
ඔබ ඔබෙන් අසා මම මගෙන් අසා
අප අපෙන් අසා ගත්තාද නොවේ
ඔබ මගෙන් අසා මම ඔබෙන් අසා
අප අපට කියා ගත්තාද නොවේ
අප ළගම හිදී අප අපම වෙවී
අප අපම නොවී අප ළග නොහිදී
අපට අපද නැත
මටද මමම නැත
ඔබ පමණක් ඇත ඈත රැදී
****************************
හිරු සදු නිදනා උයන්තෙරේ
සප්තස්වර ඇහුනා
රාග තාල වැයුනා
පා ගිගිරි සරින් ඇසිදිසි මිහිරෙන්
හැංගෙන්න එපා ස්වර්ණා
කනක ලතා නුබ වට එතෙනා
රස මියුරු කතා සවනත රැදෙනා
දුර ඈත ඉමේ හංගන්න හිතයි
හිරු සදු නිදනා උයන්තෙරේ
හැංගෙන්න එපා ස්වර්ණා
හිරු සදු නිදනා උයන්තෙරේ
සප්තස්වර ඇහුනා
රාග තාල වැයුනා
පා ගිගිරි සරින් ඇසිදිසි මිහිරෙන්
හැංගෙන්න එපා ස්වර්ණා
කිරි පබලු සිනා සමුදුරෙන් ගෙනා
සදු සිසිලෙ හොවා හිරු දාහෙ නිවා
සිප ගන්න හිතයි ගනදුරට හොරා
හිරු සදු නිදනා උයන්තෙරේ
හැංගෙන්න එපා ස්වර්ණා
හිරු සදු නිදනා උයන්තෙරේ
සප්තස්වර අතරේ
රාග තාල අතරේ
හැංගෙන්න එපා ස්වර්ණා
****************************
පුලිනතලා මැද හිදිනා 
රන් සමනලුනේ
මල් කෙමියක රස උරනා 
දවසක් නෑනේ
දුහුල්වලා සේ ඇදෙනා 
ගිනියම් සුළගේ
දැවෙනු විනා වෙන සුවයක
ලකුණක් නෑනේ
****************************
කුංඩ සමන් මල් 
ඔමරි කරන කොට 
හිතේ පිපෙන මල් 
වතේ දිලෙන කොට 
නෙත හීලෑ කොට 
හොරෙන් බලන කොට
පිං වපරෙත් මට
සිහිවෙයි හනිකට
****************************
කෝන් ඇටේ 
තාම කටේ
****************************
ගාලු පාරෙ
යාල ගිහින්
මාලු කෑව
බීල වතුර
පාලු පාරෙ
ගාලු එද්දි
ඕලු නෑනෙ
හාල ගන්ඩ
****************************
නිදිවැද්දා 
ඇහැරෙන්නට 
ඇහැරෙව්වා 
නිදිවදින්ට
****************************
කරවල කන්නට 
බත් 
විතරක් මදි
****************************
පානේ තෙල් 
තෙල් නැති 
පානට
****************************
වස්කෝ ද ගාමා 
නාවානං එදා 
. . . . .?
****************************
උමතු වී 
වරුසාව 
ගස් ගල් 
දෙබෑවෙන්නම 
වැස්ස
****************************
කරබ කැලේ සද හැංගී පානත් නිව්වා
පරවි කුලේ කිරිල්ලියක් හිතේ වැහැව්වා
කුරවි රැළේ අනිත් එවුන් කොහෙද ඇහැව්වා
මාත් ඔහේ පාත් වෙච්ච කළේ පිරෙව්වා
උඩ ඉන්නැති බිම ඉන්නැති තටුත් හැලෙන්නැති
අඩ අදුරේ බොද මීදුම් සුළං වැදෙන්නැති
හැඩ වෙන්නට ලාටු උලා මායම් වෙන්නැති
ඒත් ඔහේ පාත් වෙච්ච කළේ පිරෙව්වා
පිරුන කළේ දිය නොසැලේ කියලත් කිව්වා
පිරුන කලේ පිරුන කළේ හැඩද ඇහැව්වා
හැඩ බලලා කියන්නම්කො ආයෙ පිරෙව්වා
කට වටෙන්ම උතුරන කොට කළේ හෙලෙව්වා
****************************

****************************
****************************
****************************
****************************
****************************
 මාත් එක්ක නිදි කිරන්න 
මාත් එක්ක නිදි මරන්න
තුන් තිස් පෑ ළග හිටියානම්
ඔයත් එක්ක නිදි කිරන්න
ඔයත් එක්ක නිදි මරන්න 
තුන් ඈදුතු බබෙක් එක්ක
ළග ඉන්නව මං
එදත් එක්ක එක දවසයි
අදත් එක්ක තව දවසයි
දවසින් දවසට දවසම
මාරු උනානං
මාරු වෙච්ච එක දවසට
මාරු කරපු තව දවසට
වෙච්චි කරපු කිසිම දෙයක්
හොයන්නෑනෙ මං
****************************

****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
****************************
**************************** 

No comments:

Post a Comment